Saturday, April 20, 2024

General line - 0115112241

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන්වූ කමිටුව හෙට වැඩ අරඹයි 




දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්වූ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විමසීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් පත්‍රිකාව මත ආරම්භ කරනු ලැබූ කමිටුව හෙට (30) දිනයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මෙම කමිටුව මගින් පසුගිය රජය සමයේදී දේශපාලනමය වශයෙන් පලිගැනීමට ලක්වූ රාජ්‍ය සේවකයින්, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන් හි සේවකයින් ගේ පැමිණිලි භාර ගැනීම සිදුකිරීම සහ ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ග ගැනීමට නියමිතව තිබෙනවා.

මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන පත් කර තිබෙනවා.

එම කමිටුවේ සාමජිකයින් ලෙස විශ්‍රාමික ලේකම් පි.එම්.ඒ. මහින්ද සෙනවිරත්න, මහ මාර්ග සංවර්ධන අධිකාරියේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආරියරත්න අරුමප්පෙලුම සහ කමිටුවේ ලේකම් සහ සාමාජික ලෙස නීතිඥ චතුරිකා විජේසිංහ පත් කර තිබෙනවා.