Saturday, April 20, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයෙන් බේරෙන්න ප්ලාස්ටික් (PHOTOS)




නව කොරෝනා වෛරසයෙන් බේරිම සඳහා චීන ජාතිකයින් ප්ලාස්ටික් හෙල්මට්, වතුර කෑන් සහ ප්ලාස්ටික් බෑග් භාවිතයට පෙළඹී ඇති බව වාර්තා වනවා.

කොරෝනා වෛරසය පැතිරිමත් සමග චීනයේ මේ වන විට ආරක්‍ෂිත මුඛ ආවරණ හිඟයක් මතුවී තිබෙනවා.

ඇතිවී තිබෙන තත්ත්වය හේතුවෙන් මුඛ ආවරණ නිෂ්පාදනය ඉල්ලුමට අනුව සැපයුම ලබාදීමට නොහැකිවී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම තත්ත්වය නිසා කොරෝනා වෛරසයෙන් බේරිම සඳහා චීන ජාතිකයින් දැවැන්ත උත්සාහයක යෙදෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

ෂැන්හායි සිට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා ගමන් කළ ගුවන් යානයක ගමන් ගත් චීන ජාතික යුවලක් සිය ආරක්ෂාව සඳහා හෙල්මට් පැළද සිටින අයුරු දැක්වෙන ජයාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබෙනවා.

නව කොරෝනා වෛරසයෙන් මේ වන විට පුද්ගලයින් 132 කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.