Tuesday, April 23, 2024

General line - 0115112241

රුසියාව චීන දේශ සීමාව වසා දමයි : කොරෝනා වෛරසය පැතිරිම වේගවත් වෙන ලකුණු - ඉන්දියාවෙන් සහ පිලිපීනයෙන් රෝගීන් වාර්තා වේ




රුසියාව විසින් චීනය සමග සම්බන්ධවන සිය දේශ සීමාව වසා දැමීමට තීරණය කර තිබෙනවා. රුසියානු අගමැති Mikhail Mishustin විසින් මේ සම්බන්ධයෙන් වන නියෝගය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

පෙබරවාරි මස 07 වෙනිදා දක්වා චීනය සමග දේශ සීමාවන් වසා දමා ඇති බව සඳහන්.

මේ අතර ඉන්දියාව සහ පිලිපිනයද සිය රටවලින් පළමු වරට කොරෝනා වෛරසය ආසාදිත රෝගින් වාර්තා වී ඇති බව වාර්තා කර සිටිනවා. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාධිත ශිෂ්‍යා චීනයේ වුහාන් හි විශ්ව විද්‍යාලයක සිට කේරළයට පැමිණි අයෙකු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ දක්වා නව කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 170 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයින් 7,700 දෙනෙක් ඊට ගොදුරුව තිබෙනවා. චීනයට අමතරව ලොවපුරා රටවල් 20 කින් ද නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 100ක් පමණ වාර්තා වී ඇත.

මේ අතර චීනය විසින් සිය රටේ සියලු පාපන්දු තරග පැවැත්වීම තහනම් කර තිබෙනවා. චීනයේ ජනප්‍රියතම පාපන්දු ලීග් තරගාවලිය පෙබරවාරි මස 22 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබුණේ.

පැතිරෙමින් පවතින නව කොරෝනා වෛරසය මිට පෙර වාර්තා වූ සාර්ස් වෛරසයට වඩා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.