Tuesday, April 16, 2024

General line - 0115112241

චීනයේ සංචාරය නොකරන්නැයි අමෙරිකාව සිය රට වැසියන්ට දැනුම් දෙයි (PHOTOS)




මුඛ ආවරණ හිඟවීම හමුවේ චීන වැසියන් මහත් අර්බුදයකට මුහුණපා සිටිනවා. කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමග චීන වැසියන් මෙම අර්බුදයට මුහුණපා ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව මුඛ ආවරණයන්ට පිලියම් වශයෙන් විශාල ප්‍රමාණයේ ප්ලාස්ටික් ජල බෝතල්, දොඩම් ලෙලි සහ සලාද කොල මෙන්ම කාන්තාවන්ගේ සනීපාරක්‍ෂක ඇඳුම් භාවිතයට චීන වැසියන් පුරුදු වී ඇති බවයි ඡායාරූප ද පල කරමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර චීනයේ සංචාරය නොකරන්නෙයි අමෙරිකානු රජය සිය රට වැසියන්ට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. මාරාන්තික නව කොරෝනා වෛරසය හමුවේ චීනය තුල මිය ගිය පුද්ගලයින් ගනන 213 ක් දක්වා ඉහල යාම හා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සැලකිල්ලට ගනිමින් අමෙරිකාව මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇතැයි සදහන්. අමෙරිකාවේ මෙම තීරණයට චීනය මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැහැ. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කල ගෝලීය හදිසි තත්ත්වය පිලිබන්ඩ අදහස් දක්වමින් චින විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් සදහන් කළේ කොරෝනා වෛරසයට එරෙහිව සිය රට අඛණ්ඩව සටන් කරන බවයි.

මේ අතර නව කොරෝනා වෛරසය බෝවන රෝගයක් ලෙස සලකා කටයුතු කිරීමට ජපානය තීරණය කර තිබෙනවා . ඒ අනුව  නව කොරෝනා වෛරසය වැලැක්වීම සදහා හෙට සිට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි ජපන් රජය තීරණය කර ඇත්තේ. මේ වන විට නව කොරෝනා වෛරස් ආසාදිතයින් ලොව පුරා රටවල් 22 කින් වාර්තා වනවා.