Saturday, April 20, 2024

General line - 0115112241

කොරෝනා නිසා හිඟවන මුහුණු ආවරණයන්ට පිලියමක් සොයා ගැනේ 




කොරෝනා වෛරසය ව්‍යාප්ත විමත් සමග ලොවපුරා අත්‍යාවශ්‍ය සෞඛ්‍ය මෙවලමක් වී තිබෙන ආරක්‍ෂිත මුහුණු ආවරණ හිඟයට පිලියමක් සොයා ගැනීමට හොංකොං පර්යෙක්ෂකයින් පිරිසක් සමත්ව තිබෙනවා.

මේ වන විට වෙළදපලේ තිබෙන මුහුණු ආවරණ උපරිම වශයෙන් භාවිතයට ගැනීමට හැකි වන්නේ පැය 08ක කාලයක් පමණි.

නමුත් හොංකොං පොලිටෙනික් සරසවිය සහ රෙදිපිළි හා පර්යේෂණ ආයතනය විසින් එක්ව සිදුකළ පර්යේක්ෂණයකදී 70 වාරයක් යලි භාවිතා කළ හැකි නව ආරක්‍ෂිත මුහුණු ආවරණයක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම නව මුහුණු ආවරණ ලබන සතිය වන විට වෙළඳපලට නිකුත් කිරිමට හැකි බවයි එම පර්යෙක්ෂකයින් සඳහන් කරන්නේ.

මේ අතර නව කොරෝනා වෛරසය වැළදී ඇති රෝගීන් සොයා ගැනීම සඳහා විද්‍යුත් උපකරණයක් යොදා ගැනීමට හොංකොං බලධාරින් මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

හොංකොං හි ප්‍රධාන පරිපාලක නිලධාරිනි Carrie Lam මාධ්‍ය සාකච්ජාවක් තබමින් ප්‍රකාශ කර සිටින්නේ විද්‍යා හා තාක්ෂණ ඒකකය විසින් මෙම නවතම විද්‍යුත් උපාංගය නිපදවා ඇති බවයි.

මේ වන විට නව කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 12 දෙනෙක් හොංකොං රාජ්‍යයේ වාර්තා වනවා.