Friday, March 29, 2024

General line - 0115112241

වුහාන් සිටි සිසුන් ගෙන එන්න අවධානම් ගමනක් ගිය ශ්‍රී ලන්කන් විරුවන් (PHOTOS)




කොරෝනා වෛරසය දැඩිව ව්‍යාප්තව තිබෙන චීනයේ වුහාන් නගරයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා රැගෙන ඒම සඳහා ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-1423 දරන ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ ජයාරූප කිහියපක් මේ වන විට ලැබී තිබෙනවා.

එම ගුවන් ගමනේදී ගුවන් නියමුවන් ඇතුළු සහ කාර්ය මණ්ඩලය වෛරසයන් ආසාධනය නොවීම සඳහා සුවිශේෂ ඇඳුම් වලින් සැරසි සිටියා.

මෙම විශේෂ ගුවන් යානයේ ගුවන් නියමුවන් ලෙස චමින්ද සොයිසා සහ අනුෂ්ක ජිවන්ද්‍ර කටයුතු කරනු ලැබුවා.

ගුවන් සේවක කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ෆර්හාන් හනිෆා කටයුතු කරනු ලැබූ අතර ගුවන් යානා ඉංජිනේරුවන් ලෙස ලිලන්ත පත්බේරිය සහ රුමේෂ් පතිරාජ කටයුතු කරනු ලැබුවා.

එම ජයාරූප පහතින් :