Wednesday, April 24, 2024

General line - 0115112241

නව කොරෝනා වෛරසය නිසා ශ්‍රී ලංකාව තරග රැසක් අතහරී




චීනය ඇතුලූ රටවල් කිහිපයක ව්‍යාප්තව ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙම කාල සීමාවේ පැවැත්වෙන අන්තර්ජාතික තරගාවලි සඳහා ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක - කී‍්‍රඩිකාවන් සහභාගී නොකිරීමට කී‍්‍රඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කරුණු දක්වන කී‍්‍රඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල කියා සිටියේ "ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය සමග සිදු කරන ලද සාකච්ඡාවකින් පසු හොංකොං හීදි පෙබරවාරි මාසයේ සංවිධානය කර ඇති නෙට්බෝල් ටෙස්ට් තරගාවලියට සහභාගී නොවීමට තීරණය කළා. ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමයේද එකඟතා පරිදි බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත දුනු විදීමේ තරගාවලියට ද සහභාගීවීම නතර කළා. බර ඉසිලීමේ තරුණ තරගාවලිය සඳහාද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් අරගෙන නෑ." යනුවෙනි.

මේ අතර පෙබරවාරි මස 15 වැනිදා නුවරඑළියේදී පැවැත්වීමට නියමිතව තිබූ දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලිය ද නව කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් කල් දැමීමට තීරණය කළ බවද ඔහු මෙහිදී ප‍්‍රකාශ කළා.