Friday, April 26, 2024

General line - 0115112241

පළඟ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා යෞවනයන් හෙට තරග බිමට




වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ 5 වන ස්ථානය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ, සත්කාරක දකුණු අපි‍්‍රකානු යොවුන් කණ්ඩායම කඩුළු 4 කින් පරාජය කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකානු යොවුන් කණ්ඩායම ලකුණු 143 කට සීමා කිරීමට කොදෙව් යොවුන් පන්දු යවන්නන් සමත් වුණා. 

කෙදෙව් යොවුන් කණ්ඩායම පන්දුවාර 41 යි පන්දු 4 ක් අවසානයේ කඩුළු 6 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් මෙම තරගය ජය ගත්තා.

මේ අතර යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළඟ අවසන් මහා තරගය ශී‍්‍ර ලංකාව සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර හෙට පැවැත්වීමට නියමිතයි.