Thursday, March 28, 2024

General line - 0115112241

රුසියාවේ ප්‍රධානීන් පිරිසක් ලංකාවට (PHOTOS)

ටී කේ ජී කපිල




රුසියානු ජනරජයේ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල් යුකෝව් (Oleg Salyukov) දින 05 ක ශ්‍රී ලංකා සංචාරයක් සඳහා අද (03) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඔහු සමග රුසියානු ජනරජයේ තවත් උසස් හමුදා ප්‍රධානීන් සිව් දෙනෙකු ද දූත පිරිස ලෙස පැමිණ සිටිනවා.

මෙම පිරිස අද දින උදෑසන 8.35 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී  මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඇතුළු උසස් හමුදා නිලධාරීන් රැසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

ජෙනරාල් ඔලෙග් සල්‍ යුකෝව් හෙට (04) දින පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට නියමිත අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාපතිවරු ද මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතයි.