Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය. ඇෆ්ගණිස්ථානයෙන් ඉහළ දස්කම් - ආසියානු රටවල් යොවුන් ලෝක කුසලානයේ බලය විහිදයි




වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ආසියානු රටවල් 3 ක් සමත් වී තිබෙනවා. ඒ, ඉන්දියාව, පකිස්තානය සහ බංග්ලාදේශයයි. 

පළමු අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ පකිස්තානය අතර පැවැත්වෙනවා. 

දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ බංග්ලාදේශය සහ නවසීලන්තය අතරයි. 

ඒ අනුව මෙම තරග දෙකෙන් කුමන ප‍්‍රතිඵලය ලැබුණද වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ආසියානු කණ්ඩායමකට හිමි වනවා.

ඇෆ්ගණිස්ථානයද තරගාවලියේ හොදම කණ්ඩායම් අට අතරට තේරී පත් වුනා. තරගාවලියේ පළමු වටයෙන්ම කැපී ගිය එකම ආසියානු රට ශ්‍රී ලංකාව වීම විශේෂත්වයක්.