Wednesday, April 24, 2024

General line - 0115112241

කැම්බල් පිටියට නොගිය හේතුව කියයි




ජන සටන පාද යාත‍්‍රාව අතිශය සාර්ථක බව ඒකාබද්ධ විපක්ෂය අද (02) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ එහිදී ප‍්‍රකාශ කළේ සිදු වූ අවාසනාවන්ත සිද්ධියේ වගකීම ඒකාබද්ධ විපක්ෂය භාර නොගන්නා බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අභියසදී පාද යාත්‍රාවට එක්ව සිටි ඇතැම් පිරිස් හූ කියමින් ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසුවා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ මෙම පෙළපාලිය සඳහා යම් යම් පුද්ගලයින් ඇතුළත් කර තිබූ බවයි.

මේ අතර අවසන් රැස්වීම පැවැත්වීම සඳහා බොරැල්ල කැම්බල්පිටිය වෙන් කර දී තිබියදීත් එහි නොයෑම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ ආණ්ඩුවට අවශ්‍ය තැනට ඒකාබද්ධ විපක්ෂය නොයන බවයි. ඒකාබද්ධ විපක්ෂය යන්නේ ඔවුන්ට අවශ්‍ය ස්ථානයට පමණක් බවත් පැවසුවා.