Friday, March 29, 2024

General line - 0115112241

සජිත් ගැන අකිල අන්ලිමිටඩ් තුළින් කතා කරයි



එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද (07) පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ඉල්ලීමක් අනුව එම රැස්වීම ලබන සඳුදා පැවැත්වීමට තීරණය කළ බවයි එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් පැවසුවේ.

ඊයේ (05) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානය පිළිබදවද මෙහිදි අදහස් පළ වුණා.

එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් සහභාගි වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.