Thursday, April 25, 2024

General line - 0115112241

අවසන් තරගයට සුදුසුකම් ලබන්න බංග්ලාදේශය සහ නවසීලන්තය අද ගැටේ




වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය බංග්ලාදේශය සහ නවසීලන්තය අතර අද පැවැත්වෙනවා. අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 9 වනදා ඉන්දීය යොවුන් කණ්ඩායම සමග යොවුන් ක්‍රිකට් කිරුළ වෙනුවෙන් තරග වදිනු ඇති.

බංග්ලාදේශය යොවුන් ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයකට තරග වදින දෙවන අවස්ථාව මෙයයි. නවසීලන්තය යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව වටයකට තරග වදින්නේ සිව් වන වරටයි. 

මේ අතර මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රටවල් 16 ක් අතරින් 7 වන ස්ථානය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන යොවුන් කණ්ඩායම සමත් වුණා. ඒ, සත්කාරක දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම කඩුළු 5 කින් පරාජය කරමින්. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මෙවර යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී හිමිවුණේ කණ්ඩායම් 16 ක් අතරින් දස වන ස්ථානයයි.