Friday, April 19, 2024

General line - 0115112241

අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය : ඉන්දියාවෙන් බංග්ලාදේශයට ලකුණු 178 ක ඉලක්කයක්




වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය මේ වනවිට පැවැත්වෙනවා. ඒ, ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතරයි. කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාවට පන්දුවාර 47 යි පන්දු 02 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 177 ක් පමණයි.

තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 178 ක ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 02 ක් දැවී ලකුණු 62 ක් ලබා ගෙන සිටියා.