Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම ඉවත් වෙද්දී ශ්‍රී ලංකා පුහුණුකරු යටතේ බංග්ලාදේශය කුසලානය දිනා ගනී




වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.

ඒ, ඉන්දියාව කඩුළු 03 කින් පරාජය කරමින්.

අවසන් මහා තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට සියලූදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 177 ක් පමණයි. ඔවුන්ගේ අවසන් කඩුළු 07 ලකුණු 21 ක් තුළ බිඳවැටීම විශේෂත්වයක්.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 07 ක් පමණක් බිඳවැටී තිබියදී සිය ජයග‍්‍රාහී ඉලක්කය පසු කර ගියා. 

බංග්ලාදේශය කුමන හෝ ආකාරයක ලෝක කුසලානයක් දිනූ පළමු අවස්ථාලව මෙය වනවා. ලෝක ශූරයින් වූ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ශ‍්‍රී ලාංකික පුහුණුකරුවෙකු වන නවීඞ් නවාස් වීමද විශේෂත්වයක්. 

දකුණ අපි‍්‍රකාවේ පැවැති මෙවර වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට එක්වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවුණා.