Friday, April 26, 2024

General line - 0115112241

මත්පැන් පානය කළ බව කියූ යොවුන් ක්‍රිකට් පිළ ගැන කණ්ඩායම් කළමණාකරුගෙන් උත්තර




දකුණු අපි‍්‍රකාවේ පැවති යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය අතරතුර ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායමේ කී‍්‍රඩකයින් මත්පැන් පානය කළ බවට පළ වන පුවත සත්‍යයෙන් තොර බව කණ්ඩායම් කළමණාකරු ෆර්විස් මහරුෆ් පවසනවා.

ඒ සඳහා තමන් අනුග‍්‍රහය ලබාදුන් බවට පළ වන වාර්තාද අසත්‍ය බවයි ඔහු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියාසිටියේ. 

එහිදී "තරගාවලියක් පරාජය වෙලා ආපුවාම මේ වගේ මඩ පහරවල් වදිනවා. මට කියන්න තියෙන්නේ කළමණාකාරු වශයෙන් එහෙම සිදුවීමක් වුණෙත් නෑ සිද්ධ වෙන්න ගියෙත් නෑ. හැබැයි සැප්තැම්බර් මාසයේ ආසියානු කුසලාත තරගාවලියෙදී ඔය වගේ සිදුවීමක් වුණා. " වැඩිදුරටත් සඳහන් කෙරුණා.

සිය කී‍්‍රඩකයින් දැඩි විනයක් යටතේ යොවුන් ලෝක කුසලානයට එක් වූ බවද ෆර්වීස් මහරුෆ් මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

මෙම පුවත පළමුවෙන් වාර්තා කළ nethgossip.lk පෙන්වා දෙන්නේ අදාළ තොරතුර විශ්වාසදායී ආරංචි මාර්ග විසින් සනාථ කර සිටින බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද තවමත් නිවේදනය කර නැහැ.