Friday, March 29, 2024

General line - 0115112241

මාලිංගට සහ කුසල් පෙරේරාට සම්මාන




ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ඉකුත් වසරට අදාළ සම්මානලාභීන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන කුසල් ජනිත් පෙරේරා සහ ලසිත් මාලිංග ද ඇතුලත්ව සිටීම විශේෂත්වයක්. කුසල් ජනිත් පෙරේරා වසරේ හොඳම ටෙස්ට් ඉනිමට හිමි සම්මානය මෙහිදී දිනාගෙන තිබෙනවා. සටන්කාමී ඉනිමක නිරත වෙමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරඟයකදී රැස් කළ ලකුණු 153 වෙනුවෙන් ඔහුට මෙම සම්මානය හිමි වුණා.  

ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත්කළ සම්මාන ලැයිස්තුවේ ලසිත් මාලිංග ඉකුත් වසරේ විස්සයි විස්ස දක්ෂතම පන්දු යැවීමට හිමි සම්මානය දිනාගෙන තිබෙනවා. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පිට පිට කඩුලු 04 ක් දවා ගැනීම සහ එම තරඟයේදී ලකුණු 06 කට කඩුලු 05 ක් බිඳ හෙලීම වෙනුවෙන් ලසිත් මාලිංගට මෙම සම්මානය හිමිව තිබෙනවා.