Wednesday, April 24, 2024

General line - 0115112241

ලක්ෂ ගණනක ජල අවශ්‍යතාව සපුරන මූලාශ්‍රයකට කලක පටන් මිනිස් සිරුරු කොටස් දාලා (PHOTOS)

ජයන්ත වීරසේකර




ලක්ෂ ගණනක ජනතාවකට පානීය ජලය ලබාදෙන ජල මූලාශ්‍රයකට වැල්ලවායේ මල් ශාලාවකින් මිනිස් සිරුරු කොටස් බැහැර කළ පුද්ගලයින් දෙදෙනෙකුව ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාර දී තිබෙනවා.

වැල්ලවාය නගර බලප්‍රදේශයේ ඇතුළු ගම්මාන රැසක පුද්ගලයන් ලක්ෂයකට ආසන්න පිරිසකට පානිය ජලය ලබා දෙන්නේ වැල්ලවාය අයිස්පීල්ල ජල පෝෂක ප්‍රදේශය හරහායි.

වැල්ලවාය ප්‍රදේශයේ මල් ශාලාවකින් ඉවත් කරන දේහයන්වල කොටස් එහි ගෙනැවිත් දැමූ එම මල්ශාලාවේ රථයේ රියදුරු සහ තවත් පුද්ගලයකු මෙලෙස ගම්මුන් විසින් අල්ලා කොස්ලන්ද පොලීසියට භාර දී තිබුණා.

මෙම මල් ශාලාවේ පුද්ගලයන් විසින් දීර්ඝ කාලයක සිට මෙම ක්‍රියාව සිදුකර ඇති බවට ගම්වාසීන්ට තොරතුරු ලැබීම හේතුවෙන් ඔවුන් මේ පිළිබඳව අවදානයෙන් සිට තිබෙනවා.