Saturday, April 20, 2024

General line - 0115112241

කොරෝනා නිසා චීනයේ ඖෂධ සැල්වලට තහනමක්




චීනයේ නැන්ජින් නගරයේ පිහිටි ඖෂධ අලෙවිසැල්වලින් උණට සහ කැස්සට ලබාදෙන ඖෂධ අලෙවි කිරීම තහනම් කර තිබෙනවා. ඒ අනුව උණ සහ කැස්ස ඇති පුද්ගලයින් රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගත යුතු බවයි බලධාරීන් පවසන්නේ. එරට හැංෂෝ නගරයේ පිහිටි ඖෂධ අලෙවිසැල් සඳහා ද මෙම නීතිය ක්‍රියාත්මක වනවා.

එසේම බීජිං අගනුවර පිහිටි ඖෂධ සැල්වලින් උණට සහ කැස්සට අදාළ ඖෂධ ලබාගන්නා පුද්ගලයින් ලියාපදිංචි කිරීමට ද බලධාරීන් උපදෙස් ලබාදී ඇතැයි සඳහන්. චීන බලධාරීන් මෙම පියවර ගෙන ඇත්තේ කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හමුවේ රට තුළ මියයන පුද්ගලයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් ඇති පසුබිමක් තුළයි.