Friday, April 26, 2024

General line - 0115112241

ඩයලොග් සමාගම WhatsApp හරහා පාරිභෝගික සේවා සපයන ප්‍රථම සන්නිවේදන සම්පාදකයා බවට පත්වෙයි




තම සියළුම නිෂ්පාදන හා සේවා පිළිබඳ පාරිභෝගිකයන්ට විමසුම් පැය 24 පුරා ඕනෑම දිනක යොමු කිරීමට WhatsApp හරහා විශේෂ පාරිභෝගික සේවාවක් හඳුන්වාදීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා පිඑල්සී සමාගම පියවර ගෙන තිබෙනවා.

මෙම සේවාව ප්‍රථමයෙන්ම ඩයලොග් Club Vision සාමාජිකයින් සඳහා සපයනු ලබන අතර දෙවන පියවර ලෙස සියලුම ඩයලොග් පාරිභෝගිකයින් සඳහා එය විවෘත කිරීමට අදහස් කර ඇත.

නවමු තාක්ෂණය දේශයට දායාද කරමින් පාරිභෝගික සේවාවන් හි ගුණාත්මක භාවය වැඩිදියුණු කරමින් "අනාගතය අදයි" යන දැක්මෙන් යුතු තාක්ෂණික පුරෝගාමියා වන ඩයලොග් සමාගම මෙලෙස ඉදිරි පියවරක් තබනු ලබයි. 

පාරිභෝගිකයින් ගේ ගැටළු නිරාකරණය කර ගැනීමට සහ සේවාවන් පිළිබඳව තොරතුරු ලබාදීමට වේගවත් මාධ්‍යයක් වනු ඇති අතර ඩයලොග් 
Club Vision පාරිභෝගිකයන්ට දැන් ඩයලොග් WhatsApp සේවාව හරහා පාරිභෝගික සේවා නියෝජිතයෙකු සමඟ සම්බන්ධ වෙමින් සබඳතාතත්ත්වය, ගිණුම්ශේෂය, පැකේජ වෙනස් කිරීම, e-Bill සේවාවන් සහ තවත් බොහෝ සේවාවන් පිලිබදව විමසීම් කළ හැකිඅතර, ඔවුන්ට ක්ෂණිකව සේවාවන්පිළිබඳව ප්‍රතිචාර දැක්වීමටද මේ හරහා හැකියාව ලැබේ.