Tuesday, April 23, 2024

General line - 0115112241

ගිනි බිසව් රාජ්‍යයේ ජනධිපති ලංකාවට පැමිණේ 

ටී.කේ.ජී.කපිල - කටුනායක




ගිනි බිසව් (Guinea Bissau) රාජ්‍යයේ ජනාධිපති උමාරෝ සිසෝකෝ එම්බාලෝ (Umaro Cissoko Embalo ) මැතිතුමා කෙටි සංචාරයක් සදහා අද (14) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. ජනාධිපතිවරයා සමග දූත පිරිස ලෙස සිව් දෙනෙකු පැමිණ සිටින බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කර සිටියේ.

ගිනි බිසව් රාජ්‍යයේ සිට කුවේට් බලා යන අතරතුර මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා. ඔවුන් ගිනි බිසව් රාජ්‍යයට අයත් විශේෂ ගුවන් යානයකින් අද දින දහවල් 11.10 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මෙම පිරිස පිළිගැනීම සදහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

ඔවුන් දින දහවල් 1.30 ට පමණ යළිත් ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම කුවේට් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතයි.