Thursday, April 25, 2024

General line - 0115112241

අත්අඩංගුවට ගත් උදයංගගෙන් CIDය තවදුරටත් ප්‍රශ්න කරයි




කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්න කරනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගැනුණේ ඩුබායිහි සිට පැමිණි යානයකින් අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේයි. ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටිනවා.

උදයංග වීරතුංග චෝදනා ලැබ සිටින්නේ කුප්‍රකට මිග් ගනුදෙනුව සම්බන්ධයෙන්.