Thursday, February 20, 2020
Hotline - 0770586666

රට වෙනුවෙන් ආබාධිත වූ රණවිරුවන්ට යුද්ධ හමුදාවෙන් වැලන්ටයින් තෑගි

494Views




 

වැලන්ටයින් සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ද අද විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබෙනවා. ඒ, රත්මලානේ පිහිටි මිහිඳු සෙත් මැදුරේදීයි. යුද්ධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වුවා.

රත්මලානේ පිහිටි මිහිඳු සෙත් මැදුරේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ මාතෘ භූමියට ඇති අසීමිත ආදරය නිසාම ආබාධිත තත්ත්වයට පත්වූ පිරිසක්. ආත්මාර්ථය පසෙක ලා මාතෘ භූමිය වෙනුවෙන් අසීමිතව ආදරය කරන ඔවුන්ට පෙරළා ආදරය ලබාදීම සියලුදෙනාගේ යුතුකමක් බවද මෙහිදී සිහිපත් කෙරුණා. 

ආබාධිත තත්ත්වයට පත්වූ කිසිඳු යුද්ධ සෙබළෙකු ශ්‍රී ලංකා යුද හමුදාව කිසිවිටෙකත් අමතක නොකරන බව ද යුද්ධ හමුදාපතිවරයා මෙහිදී අවධාරණය කළා. 
 

 

Whoops, looks like something went wrong.