Friday, March 29, 2024

General line - 0115112241

මිත්‍යාවෙන් මිදෙන්න : ආදරය යනු ලබා ගැනීම නොවෙයි



ආදරය යනු ලබාගැනීම බවට ඇතැම් අය මිත්‍යාවක පැටලී සිටින බව කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පෙන්වා දෙනවා. මෙම මිත්‍යාව නිසාම අපරාධ කිරීමට හෝ දිවි තොරකර ගැනීමට ද ඇතැම් අය පෙළෙඹෙන බවයි ඔහු පෙන්වා දුන්නේ. මේ නිසා ආදරය යනු ලබාගැනීමම නොවන බව කුඩාකල සිටම දරුවන්ට අවබෝධ කරවීමට කටයුතු කළ යුතු බව ද ඔහු යෝජනා කළා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදීයි මෙම යෝජනාව කෙරුණේ අදට යෙදී ඇති වැලන්ටයින් සැමරුම නිමිත්තෙන් ආදරයේ සැබෑ අරුත පිළිබඳ මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරුණා. 

ආදරය යනු ලබාගැනීම බවට ඇතිවන විශ්වාසය දරුවන් සහ මව්පියන් අතර සබඳතාව ද බිඳදමන බවයි මෙහිදී වැඩිදුරටත් විස්තර කෙරුණේ.