Tuesday, April 23, 2024

General line - 0115112241

කොරෝනා මරණ දිනෙන් දින ඉහළ යයි




කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය නිසා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,487 ක් දක්වා මේවනවිට ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය 24 තුළ පමණක් සිදුව ඇති මරණ ගණන 120 ක්. 

මේවායින් මරණ 119 ක්ම වාර්තා වුණේ චීනයෙන්. අනෙක් මරණය ජපානෙයන් වාර්තා වුණා. ජපානයේදී මෙලෙස මියගොස් ඇත්තේ කෝවිඩ් 19 වෛරසය ආසාධනය වී රෝහල්ගතව සිටි 80 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක්. 

ජපානයෙන් වාර්තා වූ පළමු කොරෝනා මරණය ද මෙය වුණා.

මේවනවිට චීනයේ පමණක් කෝවිඩ් 19 වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 64,658 ක් සිටිනවා. වෛරසය පැතිර ඇති අනෙක් රටවල් ද ඇතුළුව වාර්තා වන මුළු ආසාධිතයින් ගණන 65,246 ක්.