Friday, March 29, 2024

General line - 0115112241

මේජර් අජිත් ප්‍රසන්න යලි රිමාන්ඩ් 

අධිකරණ වාර්තාකරු




පුද්ගලයන් 11 කු පැහැර ගෙන යාමට අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට මාධ්‍ය සාකච්ඡාවකදී බලපෑම් කිරීමේ චෝදනාවට නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සහ නාවික හමුදා බුද්ධි අංශ නිළධාරීන් දෙදෙනා පෙබරවාරි මස 28 වන දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළා. 

ඒ අනුව නීතිඥ අජිත් ප්‍රසන්න, අරුණ තුෂාර මෙන්ඩිස් සහ කස්තුරිගේ ගාමිණි යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර සිටියේ. 

මේ නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින නීතිඥ අජිත් ප්‍රසන්න නමැත්තා මේ වන විට කොළඹ මහාධිකරණ විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

සැකකරුවන් පසුගිය වසරේ දෙසැම්බර් මස 6 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම නඩුවේ වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කර සිටියා.

සැකකරුවන් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කර ඇති බවට පැමිණිලි පාර්ශ්වය චෝදනා කර සිටියා.  

මේ අතර මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ කස්තුරිගේ ගාමිණි නැමැත්තාගේ බිරිඳ සහ විජය කාන්තන් යන අය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මීලඟ දින කරුණු දක්වන ලෙසට අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.