Saturday, April 20, 2024

General line - 0115112241

කූඨ ලේඛණ ඉදිරිපත් කර පෘතුගාලයට පැනයාමට තැත් කළ අයෙකු කටුනායකදි අත්අඩංගුවට

ටී කේ ජී කපිල - කටුනායක




කූඨ ලේඛන ඉදිරිපත් කර  ඉතාලිය හරහා පෘතුගාලයට පැන යාමට තැත් කළ , ශ්‍රී ලාංකික තරුණයෙකු අද කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35 ක් වන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.              

ඔහු අලුයම 3.10 ට කටාර්  ගුවන් සේවයේ කිව්.ආර් 663 දරණ ගුවන් යානයෙන් ඉතාලිය හරහා පෘතුගාලය වෙත පිටත්ව යෑම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. සැකකරු වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාර දී තිබෙනවා.