Friday, March 29, 2024

General line - 0115112241

කොළඹ නගරයේ දේපළ ලියාපදිංචියට නව යාන්ත්‍රණයක්




කොළඹ නගර සීමාව තුළ දේපළ ලියාපදිංචිය පහසු කිරීම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා. දින 40 ක් පමණ ගතවන සේවා දින 15 ක් තුළ එකම ස්ථානයකින් ඉටු කර දීමට මේ යටතේ කටයුතු කෙරෙන බවයි බස්නාහිර ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල පැවසුවේ. 

මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස අදාළ සියලු සේවා ඔන්ලයින් ක්‍රමයට ඉටුකර දීමට ද මාස කිහිපයක් ඇතුළත පහසුකම් සපයන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.