Tuesday, April 16, 2024

General line - 0115112241

වෝහාරික විගණනය පිළිබද මහබැංකුවේ නිරීක්‍ෂණ පාර්ලිමේන්තුවට




බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණනය පිළිබද ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරීක්‍ෂණ මේ වනවිට එම බැංකුව විසින් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබද කාරක සභාව වෙත යොමුකර තිබෙනවා.

එම නිරීක්‍ෂණ පිළිබද සාකච්ඡා කිරීම සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්ගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වනදා පස්වරුවේ රැස්වීමට නියමිතයි. මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන්ද එම කාරක සභා රැස්වීමට කැදවා තිබෙනවා.