Saturday, April 20, 2024

General line - 0115112241

විජයකලා ගේ නඩුව ජුලි 03 දක්වා කල් යයි




එල් ටී ටී ඊ සංවිධානය යළි නගාසිටුවිය යුතු බවට හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට අදාළව ඉදිරි නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාගෙන් උපදෙස් පතා ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් උපදෙස් ලැබී නොමැති බව පොලීසිය අද (14)  අධිකරණයට දැනුම් දුන්නා. ඒ, මෙම සිද්ධියට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද විභාගයට ගැණුනු අවස්ථාවේදීයි.

ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබාදෙන ලෙසට නීතිපතිවරයා වෙත සිහිකැදවීමක් යොමු කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. ඒ අනුව මෙම නඩුව ජූලි මස 3 වනදා යළි කැදවීමටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෙහිදී නියෝග කළා.

2018 වසරේ ජූලි මස 2 වනදා යාපනය වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයකදී හිපටු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මෙම ප්‍රකාශය සිදුකර තිබුණා. අදාළ ප්‍රකාශය තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඇපමත මුදාහැර සිටිනවා.