Friday, March 29, 2024

General line - 0115112241

නැගෙනහිර මුහුදේදී අයිස් කිලෝ 3 ක් නාවික හමුදාව භාරයට




ත්‍රිකුණාමල මුහුදේ පාවෙමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන කිලෝ 3 යි ග්‍රෑම් 172 ක් අඩංගු පාර්සල් 3 ක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමල වෙරළේ සිට මුහුදු සැතපුම් 180 ක් පමණ නැගෙනහිර මුහුදේ පාවෙමින් තිබූ එම පාර්සල් 3 පළමුව හමුවී ඇත්තේ තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් සිටි ධීවරයින් පිරිසකටයි.

එම ධීවරයින් පිරිස විසින් අදාළ පාර්සල් නාවික හමුදා නිලධාරීන්ට භාරදී තිබෙනවා. නාවික හමුදාව විසින් අයිස් බවට සැක කෙරෙන එම මත්ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් වැඩිදුර විමර්ශන සදහා තංගල්ල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කළේ.