Thursday, March 28, 2024

General line - 0115112241

මහජන මතයට ඇහුම්කන් නොදෙන ඇමතිවරුන්ට මුරුත්තෙට්ටුවේ හිමිගෙන් රතු එළියක්




වත්මන් ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපයන් පිළිබද සෑහීමකට පත්විය නොහැකි බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ අද (14) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කළා.

නව වසර සැමරීම සදහා චීනයට ගොස් සිටින මෙරට වෙසෙන චීන ජාතිකයින් ඉදිරියේදී මෙරටට නැවත පැමිණීමට නියමිතව ඇති බැවින් ඔවුන් සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසද පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙහිදී ඉල්ලීමක් කළා.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. ඔහු කියාසිටියේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පුරප්පාඩු සදහා වෛද්‍යවරුන් දෙදෙනෙකු බදවා ගැනීමට ලිපි 19 ක් හුවමාරු කර ගෙන ඇතත් මෙතෙක් ඒ සදහා වෛද්‍යවරුන් දෙදෙනෙකු සේවයට වාර්තා කර නොමැති බවයි.