Thursday, April 25, 2024

General line - 0115112241

එජාපයේ තනතුරු හොබවන පිරිසට සජිත් පාර්ශවයෙන් කොන්දේසියක්




එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සමගි ජනබලවේගයේ ලකුණ මහ මැතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසුව එළිදක්වන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජනබලවේගයේ සභාපති විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ එහි තවත් නියෝජිතයින් කිහිපදෙනෙකු අතර පැවැති සාකච්ඡුාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

සමගි ජනබලවේගයේ ලකුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුලාල් බණ්ඩාරිගොඩ ද අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ තනතුරු දරන පිරිස් සමගි ජනබලවේගයේ මැතිවරණ මෙහෙයවීම් සියතට ගැනීමට උත්සහ දරන්නේ නම් ඊට එකග විය නොහැකි බවයි.