Friday, April 26, 2024

General line - 0115112241

වූහාන්හි කොටුවී සිටි සිසුන් මුදාගැනීම ලංකාව ලබාගත් ජයග්‍රහණයක් - ශවේන්ද්‍ර සිල්වා




කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛසරය ව්‍යාප්ත වූ චීනයේ වුහාන් නගරයේ කොටුවී සිටි ශ‍්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනා මුදාගැනීම රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් ශ‍්‍රි ලංකාව ලබාගත් ජයග‍්‍රහණයක් බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, යුද්ධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මෙම මෙහෙයුමට දායක වු සියලූදෙනා විශේෂ ඇගයීමට ලක් කළ යුතු බවයි යුද්ධ හමුදාපතිවරයා මෙහිදී සඳහන් කළේ.

දියතලාව යුද හමුදා කඳවුරේ පිහිටි විශේෂ රෝහල් පරිශ‍්‍රයේ දින 14 ක නිරෝධායන කටයුත්තකට යොමු කෙරුණු ශ‍්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනා යළි නිවෙස් වෙත පිටත්කර හැරීම වෙනුවෙන් බත්තරමුල්ලේ පිහිටි යුද හමුදා මූලස්ථානයේ ඊයේ පැවැති උත්සවයට එක්වෙමින් යුද්ධ හමුදාපතිවරයා මෙම අදහස් පළ කළා.