Saturday, April 20, 2024

General line - 0115112241

නීතිවිරෝධීව දිවයිනට පැමිණි ඉන්දීය ජාතිකයින් ඇතුළු 05 දෙනෙකු තලෙයිමන්නාරමේදී අත්අඩංගුවට




මුහුදු මාර්ග ඔස්සේ නීතිවිරෝධීව දිවයිනට පැමිණි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු  නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලෙයිමන්නාරම මුහුදේ මුරසංචාරයක නිරත නාවික හමුදා යාත්‍රාවක් මගින් සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර ඇති අතර, එය වැඩිදුර පරීක්ෂා කරීමේදී ඉන්දියාවේ සිට මෙරටට පැමිණිමට උත්සහ කළ මෙම පිරිස අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගැනුණු පිරිස අතර ඉන්දීය ජාතික පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් මෙන්ම වයස අවුරුදු 07ක ගැහැණු දරුවෙකු සහ එම පිරිස ගොඩබිමට රැගෙන ඒමට ඩිංගි යාත්‍රාව රැගෙන ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද වන බවයි නාවික හමුදාව පැවසුවේ. 

ශ්‍රී ලාංකිකයින් දෙදෙනා මන්නාරම සහ පේසාලේ ප්‍රදේශවල පදිංචිකරුවන්. වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් පිරිස තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදී තිබෙනවා.