Friday, March 29, 2024

General line - 0115112241

හයිටියේ ළමා නිවාසයක ගින්නක්




හයිටි රාජ්‍යයේ පිහිටි ළමා නිවාසයක ඇතිවූ ගින්නකින් දරුවන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ළමුන් දෙදෙනෙකු ගින්නට හසුවී මියගොස් ඇති අතර අනෙක් දරුවන් පිරිස ගින්නෙන් ඇතිවූ වායුවක් ආඝ්‍රාණයවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

බලපත්‍රයක් රහිතව පවත්වාගෙන ගොස් ඇති මෙම ළමා නිවාසයේ දරුවන් සඳහා අවශ්‍ය මූලික පහසුකම් හෝ නොතිබුණු බව සඳහන්. ගින්නට හේතුව සොයා මේවනවිටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ළමා නිවාසය තුළ තිබූ විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාවිරහිතවීම නිසා රාත්‍රියේ ඉටිපන්දම් දල්වා තිබූ බවයි මේවනවිට අනාවරණ වී ඇත්තේ. ඉටිපන්දමක් ඇවිලීමෙන් ගින්න ව්‍යාප්තවන්නට ඇති බවට සැක පළ වනවා.