Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය නිසා වුහාන් නගරයේ සියළු මුදල් නෝට්ටු ඉවතට




භාවිතයට ගැණුනු මුදල් නෝට්ටු විෂබීජහරණය කිරීමටත් ඒවා වෙන් කර තැබීමටත් චීනය තීරණය කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ එම මුදල් නෝට්ටු විශේෂ ක‍්‍රියාවලියක් යටතේ විෂබීජහරණය කොට දින 14 ක කාලයකට යටත් වන පරිදි සීල් තබා වෙන් කර තැබීමට චීන බලධාරින් තීරණය කර ඇති බවයි. 

එම ක‍්‍රියාවලිය අද සිට ක‍්‍රියාත්මක වන බවද සදහන්. එසේම චීන මහ බැංකුව එරට සියලූ බැංකුවලින් ඉල්ලීමක් කර ඇත්තේ සෑමවිටම  ගනුදෙනුකරුවන් හට අලූත් නෝට්ටු නිකුත් කිරීමට උත්සාහ කරන  ලෙසයි. 

රට තුල ව්‍යාප්ත වී තිබෙන කෝවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ වැඩිදුර ව්‍යාප්තියට වැටබැඳීමක් ලෙසයි චීනය මෙම තීරණයට එළඹ ඇත්තේ. 

භාවිතයට ගැණුනු මුදල් නෝට්ටු යලි භාවිතයට නොගැනීමෙන් සහ ඒවා භාවිතයෙන් ඉවත් කිරීමෙන් වෛරසය ව්‍යාප්ත වීම පාලනය කල හැකි යැයි ද අපේක්ෂා කෙරෙනවා.

මේ අතර කෝවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය වන හුබේ පලාතේ භාවිතයට බිලියන 4 ක වටිනාකමකින් යුත් යුවාන් නෝට්ටු නිකුත් කිරීමටත් මධ්‍යම බැංකුව තීරණය කර ඇතැයි සදහන්. 

හෙත් චීන වැසියන් බහුතරයක් ජංගම මුදල් ගෙවුම් ක‍්‍රමවලට පුරුදු වී සිටින බැවින් මෙම ක‍්‍රමය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැලැක්වීම සදහා සාර්ථක පියවරක් වේවිද යන්න අවිනිශ්චිත බවයි විචාරකයන් පවසන්නේ.

කෝවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හමුවේ මේවනවිට වාර්තා වන මුලූ මරණ සංඛ්‍යාව 1,669 ක් වනවා. ඉන් මරණ 1,665 ක්ම වාර්තා වන්නේ චීනයෙන්. චීනය ද ඇතුලූව ලොවපුරා රටවල් 30 කින් වාර්තා වන නව කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 69,270 ක්.