Friday, April 19, 2024

General line - 0115112241

චීනයේ කොරෝනා අවදානම ක්‍රමයෙන් පහලට




චීනයේ කොරෝනා වෛරසය හෙවත් කොවිඞ් 19 ආසාදනය වූ පුද්ගලයින් ගණන ක‍්‍රමයෙන් පහළ යමින් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෛරසය හේතුවෙන් මියගිය ගණන මෙන්ම වෛරසය ආසාදනය වූ බවට තහවුරු වන ගණන ද අඩු වෙමින් පවතින බවයි. 

මෙවැනි තත්වයක් අඛණ්ඩව වාර්තා වූ තුන්වන දිනය අදයි. 

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම වාර්තා කළේ ඊයේ දිනයේ 2 641 ක් ලෙස අලූතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන අද වන විට 2009 දක්වා පහළ බැස ඇති බවයි. ඊයේ දිනයේ 143 ක් ලෙස අලූතින් වාර්තා වූ කොරෝනා මරණ ගණන අද වන විට 142 ක් දක්වා පහත බැස තිබෙනවා. 

කෙසේ වෙතත් චීනයේ හුබෙයි ප‍්‍රාන්තයෙන් අලූතින් මරණ 04 ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

සමස්තයක් ලෙස ගත් කල මේ වනවිට කොවිඞ් 19 ආසාදනයෙන් පුද්ගල මරණ 1 665 ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 65,500 ක් වාර්තා වී ඇති බවයි චීන වාර්තා පෙන්වා දෙන්නේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොරෝනා වෛරසය ආසාදනය වූවන් අතරින් මිය යන පුද්ගලයින් ගණන, ප‍්‍රතිශතයක් වශයෙන් සැලකුවහොත් සියයට 02 ක් වැනි සුළු ප‍්‍රතිශතයක් බවයි. 

කෙසේ වෙතත් ගත වූ සියවස්වල ලොව පුරා පැතිරුණු අනෙකුත් දරුණු වසංගත රෝගවලට වඩා වැඩි වේගයකින් කොරෝනා වෛරසය ව්‍යාප්ත වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කර තිබෙනවා.