Wednesday, April 17, 2024

General line - 0115112241

දේශීයව නිෂ්පාදිත ගිනි අවියක් සොයා‍ගැනේ (PHOTOS)




යාපනය, පලච්චිවේලි ප්‍රදේශයේ දී ඊයේ (16) සිදු කළ ‍සෝදිසි කිරීමකදී දේශියව නිශ්පාදනය කරන ලද ගිනි අවියක් සොයා ගෙන තිබෙනවා.

නාවික හමුදාව විසින් අදාළ සෝදිසි මෙහෙයුම සිදු කර තිබුණා.

ඒ අනුව, යාපනය, පලච්චවේලි අයියනාත් කෝවිල්අඩි ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ලද මෙහෙයුමකදී පදුරක් අසළ සූක්‍ෂම ලෙස සඟවා තිබූ  දේශීයව නිශ්පාදනය කරන ලද කුඩා ප්‍රමානයේ මෙම ගිනි අවිය සොයා ගැණුනා.