Thursday, March 28, 2024

General line - 0115112241

අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ නියෝජිතයින්වත් අද හමුවෙයි




අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් අද (17) දිනයේ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට නියමිතයි.

දෙදෙනෙකුගෙන් සමන්විත එම නියෝජිතයින් මීට පෙර ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා හමු වී තිබුණා.

එහෙත් එහිදී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් මතු වූ ගැටලූව පිළිබඳ සාකච්ඡා කර නැහැ.

කෙසේවෙතත් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග අද පැවැත්වෙන මෙම හමුවේදී යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමීපතයින්ට අමෙරිකාව විසින් පනවා ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති.  

ඊයේ දිනයේදී මෙරට අමෙරිකානු තානාපති ඇලයිනා බී ටෙප්ලිස් විදේශ සබඳතා අමාත්‍යාංශයේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමු වුණා.

එහිදී විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මෙරට අමෙරිකානු තානාපතිවරියට පවසා තිබුණේ රටේ විධායක බලය හොබවන ජනාධිපතිවරයා විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන පත්කිරිම් සම්බන්ධයෙන් විදේශ රාජ්‍යයක් මෙලෙස සිදුකරන ප‍්‍රශ්න කිරීම් දැඩි ගැටළු සහගත බවයි.

මෙම කරුණ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය දක්වන ප‍්‍රතිචාර පිළිබඳ තමන් වොෂිංටනයට දැනුම්දෙන බව අමෙරිකානු තානාපතිවරිය එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.