Friday, April 26, 2024

General line - 0115112241

"ඡන්දය ඉල්ලනවාද? නැද්ද?" - මුරලිදරන් පළමු වරට සිය ස්ථාවරය හෙළි කරයි




එළැඹෙන මහ මැතිවරණයට සිය සහෝදරයා වන මුත්තයියා ප‍්‍රභාකරන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වදින බව සුපිරි ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.

ඔහු තරග වදින්නේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් බවයි මුත්තයියා මුරලිදරන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

තමන් මහ මැතිවරණයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින බවට සමාජ මාධ්‍යවල පලවන වාර්තා අසත්‍ය බවද මුරලිදරන් එහිදී ප‍්‍රකාශ කළා. වතුකරයේ ජනතාව වෙනුවෙන් තම සහෝදරයා තරගවැදීමට සූදානම්ව සිටින බවයි ඔහු පැවසුවේ. 

වත්මන් ආණ්ඩුව වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට ගත් පියවර අගය කළ යුතු බවද පෙන්වා දුන්නා. පැවති රජයට හෝ වතුකම්කරුවන් වෙනුවෙන් එවැනි ඍජු තීරණයක් ගැනීමට නොහැකි වුණා. ඒ අනුව වත්මන් රජය වතුකරයේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ඉදිරියේදී තවත් වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ඇතැයි මුත්තයියා මුරලිදරන් විශ්වාසය පළ කරනවා. 

ඒ සඳහා ශක්තියක්වීමට තම සහෝදරයා නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින බවයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.