Wednesday, April 24, 2024

General line - 0115112241

අමෙරිකාවේ තීරණය ගැන TNA සතුට පළ කරයි




වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි, යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමීපතයින්ට අමෙරිකාව විසින් පනවා ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් සතුටට පත්වන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එහෙත්, එය තහනමකින් පමණක් සීමා නොකළ යුතු බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. ශිවමෝහන් නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ. ඒ අනුව දැනට ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බවයි සඳහන් කෙරුණේ. 

කෙසේවෙතත් මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පැවසුවේ ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව පැනවූ තහනමට හේතුවක් වූයේ මෙරට ඇතැම් පාර්ශ්ව සිදුකළ ප‍්‍රකාශ බවයි. 

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පී. හැරිසන් සඳහන් කළේ රට වෙනුවෙන් ඉමහත් කැපකිරීමක් කළ මෙවැනි නිලධාරීන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගතහැකි සියලූ මැදිහත්වීම් සිදුකළ යුතු බවයි. 

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් ආණ්ඩුවක් ලෙස ගත හැකි සියලූ මැදිහත්වීම් සිදුකරන බවයි. 

විදේශ සබඳතා අමාත්‍යාංශය ද අවධාරණය කළේ ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ ඔප්පු කළ කිසිඳු චෝදනාවක් නොමැති බවයි.