Friday, April 19, 2024

General line - 0115112241

ලංකාවට එරෙහිව ඩැරන් බ්‍රාවෝ ගෙන් ශතකයක් 




බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර තරගය මේවනවිට පැවැත්වෙනවා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන කොදෙව් කණ්ඩායම පන්දුවාර 40ක් අවසානයේ කඩුළු 04 ක් දැවී ලකුණු 223ක් රැස්කර ගෙන සිටිනවා. 

පළමු කඩුළු 02 ලකුණු 03 ක් තුළ බැඳ දැමීමට ශ්‍රී ලංකා ආරම්භක වෙගපන්දු යවන්නන් වූ අසිත ප්‍රනාන්දු සහ දිල්ෂාන් මධුශංක සමත්වුණා. කෙසේවෙතත්, 03 වන කඩුල්ල වෙනුවෙන් ඩැරන් බ්‍රාවෝ සහ සුනිල් ඇම්බෲස් ලකුණු 113 සබඳතාවක් ගොඩනැගුවා.