Tuesday, April 16, 2024

General line - 0115112241

ටින් මාලු ආනයනකරුවන්ගේ ප්‍රශ්නවලට අද පිළිතුරු ලැබෙන සාකච්ඡාවක්




ශී‍්‍ර ලංකාවට ආනයනය කරන ටින් මාලූ වරායෙන් නිදහස්  කර ගැනීමට කල් ගත වන බවට ආනයනකරුවන් මැසිවිලි නගනවා. ආනයනකරුවන්ගේ මෙම මැසිවිලි සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිතයි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මෙම යාන්ත‍්‍රණයට සම්බන්ධ සෙසු ආයතන නියෝජනය කරන නිලධාරීන් සාකච්ඡාව සඳහා සහභාගි වනු ඇති. 

දැනට ඇති කි‍්‍රයාපටිපාටීන්ට අනුව ආනයනික ටින් මාලූ වරායෙන් නිදහස් කිරීමේදී ඒවා ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේද අධීක්‍ෂණයට ලක් කෙරෙනවා.

කෙසේවෙතත් ව්‍යවසායකයන්ට අවහිර වන පරිදි පනවා ඇති අනවශ්‍ය සීමා ලිහිල් කළ යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවස්ථා කිහිපයකදී පෙන්වා දුන්නේ. ඒ අනුව ආනයනික ටින් මාලූ වරායෙන් නිදහස් කිරීමේදී ඒවා ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ අධීක්‍ෂණයට ලක්වන බැවින් නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයද එහි අධීක්‍ෂණයන් සිදු කිරීම අවශ්‍ය නොවන බව ඉකුත්දා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

අද (18) පැවැත්වෙන සාකච්ඡාවේදි ඒ පිළිබද වැඩිදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.