Thursday, April 25, 2024

General line - 0115112241

නායක චමරිගේ සුපිරි දස්කම් මැද ලංකාව එංගලන්තය පරදයි




පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති පුහුණු තරගයකදී ප්‍රබල එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (19) සමත් වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමුවේ එක්වරක් පන්දුවාර විස්සයි විස්ස ශූරීයන් වූ සහ තුන්වරක් අනුශූරියන් වූ එංගලන්ත කාන්තා කණ්ඩායම මෙහිදී පරාජය වීම විශේෂත්වයක්. 

පලමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 09ක් දැවී ලකුණු 122ක් රැස් කළා. පන්දු යැවීමේදී ශෂිකලා සිරිවර්ධන කඩුලු 04 ක් සහ නායිකා චමරි අතපත්තු කඩුලු 03 ක් දවා ගත්තා. ලකුණු 123 ක ජයග්‍රාහී ඉලක්කය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කිසිවෙකු නොදැවී පසු කර යාමට සමත් වුණා.

වේගවත් පිති හරඹයක නිරත වූ නායිකා චමරි අතපත්තු  පන්දු 50 කදී හයේ පහර 05 ක් සමගින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 78 ක්. පුහුණු තරඟයක් වුව ද ප්‍රබල එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරඟයේ දැක්වූ දක්ෂතා ක්‍රිකට් විචාරකයින්ගේ පැසසුමට ලක්ව තිබෙනවා.