Tuesday, April 23, 2024

General line - 0115112241

යුධ හමුදාපති පත් කිරීමේදී අමෙරිකානු තානාපතිනිය කළ බලපෑමක් ශ්‍රීලනිපය හෙළි කරයි




ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුධ හමුදාපති ධූරයට පත් කිරීමේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙරට අමෙරිකානු තානාපතිනියගෙන් බලපෑම් එල්ල වූ බව අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී අනාවරණ වුණා. මෙම අනාවරණය සිදු කළේ එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින්. 

වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකාව විසින් පැනවූ සංචාරක තහනම සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

මේ අතර, මෙම සංචාරක තහනම සම්බන්ධයෙන් සහ රජයේ පාර්ශව අතර ඉකුත්දා පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් නෙත් නිවුස් මෙරට අමෙරිකානු තානාපති කාර්යයාලයෙන් විමසීමක් කළා. එහි ප්‍රකාශිකාවක් කියා සිටියේ මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් සහ රජයේ නියෝජිතයින් අතර ඉකුත්දා පැවති මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ කරුණු අමෙරිකානු රජය වෙත දන්වා ඇති බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අමෙරිකානු රජය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.