Friday, April 19, 2024

General line - 0115112241

නියඟයෙන් ජල විදුලි නිෂ්පාදනයත් අර්බුදයක - විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට රජයෙන් සහතිකයක්




පවතින දැඩි නියඟය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනයට බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. ඒ, මාස එක හමාරක් තිස්සේ පවතින දැඩි නියං සහිත කාලගුණ තත්වයත් සමග ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහත බැසීම හේතුවෙන්. මේ හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය ද සියයට 23.1 දක්වා පහත බැස තිබෙන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ.

පවතින නියඟය හේතුවෙන් මෙරට විදුලි නිෂ්පාදනයෙන් සියයට 74 ක් ගල් අඟුරු සහ ඩීසල් තාප බලාගාර ආශ්‍රිතව නිපදවීමට සිදුව ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කළා. එලෙස විදුලිය උත්පාදනය කිරීම සඳහා මිල අධික වුවත් අඛණ්ඩව ජනතාවට විදුලිය ලබා දීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ. ලංකා විදුලිබල මණ්ඩලය විසින් කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.