Wednesday, April 17, 2024

General line - 0115112241

ඉන්දියාවේ පක්ෂි ගහණය පහළ යයි




ඉකුත් දශක කිහිපය තුළ ඉන්දියාවේ පක්ෂි ගහනය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇතැයි සමීක්ෂණයක් මගින් අනාවරණ කරනවා. පක්ෂි ගණත්වය මෙලෙස පහළ යෑමට බලපාන ප්‍රධානතම හේතුවක් වන්නේ එම පක්ෂීන් විදුලි රැහැන්වල ගැටීම බවයි එම සමීක්ෂණය මගින් පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඉන්දියාව තුළ සැරිසරන පක්ෂීන්ට මේවනවිට පවතින ප්‍රධානතම අභියෝගය විදුලි රැහැන් පද්ධති බව ද එම සමීක්ෂණය අනාවරණ කළා. ඊට අමතරව දඩයක්කරුවන්ගේ එල්ල වන බලපෑම් ද පක්ෂි ගහනය පහළ යාමට බලපාන තවත් ප්‍රධාන සාධකයක්. මෙලෙස පහළ යමින් ඇති පක්ෂි ගහනය අතරට ගිජුලිහිණියන්, ගේ කුරුල්ලන්, උකුස්සන් මෙන්ම සංක්‍රමණික පක්ෂීන් ද අයත්. 

එහෙත්, මොනරුන්, පරෙවියන් ඇතුළු තවත් පක්ෂීන් වර්ග කිහිපයක ගහණය සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇති බවයි මෙම සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ.