Thursday, April 25, 2024

General line - 0115112241

දුම්රිය මාර්ගයේ අලුත් වැඩියාවක් හේතුවෙන් රඹුක්කන - කෑගල්ල මාර්ගය තාවකාලිකව වැසෙයි




කොළඹ - බදුල්ල ප්‍රධාන දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් රඹුක්කන - කෑගල්ල ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, අද සිට ලබන 20 වනදා දක්වායි.

ඒ අනුව සෑම දිනකම සවස 06 සිට පසුදෑ උදෑසන 06 දක්වා මාර්ගය වසා දමනු ඇති. අදාළ කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙයසි ජනතාවට දැනුම් දෙන්නේ. ප්‍රධාන දුම්රිය මාර්ගයේ රඹුක්කන - කඩිගමුව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීම මෙම මාර්ගය වසා දැමීමට හේතුවයි.