Friday, April 19, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන් රැකගත් වුහාන් වෛද්‍යවරයාත් වෛරසයට බිලිවෙයි




කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ චීනයේ වුහාන් නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ රෝහලක ප්‍රධානියා ද කොරෝනා වෛරසය ආසාධනයවීමෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ලියු හයිමින් නමැති 51 හැවිරිදි වියේ පසුවූ වෛද්‍යවරයෙක්. ඔහු කොරෝනා වෛරසය  ආසාධනය වූ රෝගීන් රැසකට ප්‍රතිකාර කළ ප්‍රධාන පෙළේ වෛද්‍යවරයෙකු බවයි චීන මාධ්‍ය වාර්තා කළේ. ඔහුගේ බිරිඳට අනුව ඉකුත් ජනවාරි මාසයේදී එම වෛද්‍යවරයා හට නව කොරා්නා වෛරසය ආසාධනය වී තිබෙනවා. 

එම වෛද්‍යවරයාගේ දිවි බේරා ගැනීමට අදාළ රෝහලේ අනෙකුත් වෛද්‍යවරුන් කොතරම් උත්සහ දැරුවත් එම උත්සහයන් ව්‍යාර්ථ වුණා. ඒ අනුව ඔහු මියගොස් ඇත්තේ අද උදෑසනයි. අදාළ වෛද්‍යවරයා මියගිය බවට පළවු වාර්තා බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

කෙසේවෙතත්, චීනයේ රාජ්‍ය මාධ්‍ය මෙන්ම වුහාන් සෞඛ්‍ය කොමිසම ද පසුව අදාළ වෛද්‍යවරයා මියගිය බව තහවුරු කළා. 
කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මේවනවිට චීනය තුළ මියගොස් ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව 06 ක්. එසේම සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයින් 1,700 කට මේවනවිටත් වෛරසය ආසාධනය වී ඇති බවයි චීන බලධාරීන් ඉකුත් දා අනාවරණ කළේ. නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මේවනවිට පුද්ගලයින් 1,874 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් මරණ 1,869 ක්ම වාර්තා වන්නේ චීනයෙන්.